ලංකා බලශක්තියේ අනාගතය



Image result for picture of electricity projects in sri lankaඑදිනෙදා අවශ්‍යතාවන් පහසුවෙන් හා ලෙහෙසියෙන් ඉටු කර ගැනීමට අප ඔබ සියලු දෙනාටම නැතුවම බැරි දෙයක් තමයි විදුලි බලශක්තිය. ඉතින් මේ පිළිබදව ඔබ සැමගේ අවදානය යොමුකරනු පිණිස මෙම ලිපිය දිග හැරමි.

Image result for picture of electricity projects in sri lankaමෙරට ජාතික විදුලිබල උත්පාදන ධාරිතාවය 4050 MW (මෙගා වොට්) ක් වේ. මේ සදහා ගල් අඟුරු මඟින්  900 MW ක්, තාප බලයෙන් 1335 MW ක්, ජාල විදුලියෙන් 1375 MW ක් සහ පුනර්ජනනීය මුලාශ්‍ර මඟින් 442 MWක් වශයෙන් දායක වෙනවා. නව ජාතික විදුලිබල සංවර්ධන සැලැස්මට අනුව වාර්ෂික විදුලිබල ඉල්ලුම 10500 GWh ඉන් 38% වෙන්වන්නේ ගෘහස්ථ පරිභෝජනය සදහා වේ. එමෙන්ම වාණිජ ව්‍යාපාර සදහා 20% සහ ඉතිරිය ආගමික ස්ථාන සහ මං මාවත් ආලෝකකරණය සදහා වැය වේ.

Image result for picture of electricity projects in sri lanka
 Image result for picture of electricity projects in sri lanka
Image result for picture of electricity projects in sri lanka

ජාතික බලශක්ති සැලැස්මට අනුව ඉදිරි ඉලක්ක.


01. 2030 වන විට බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බවට පත්වීම.

02. විදුලිබල උත්පාදනය තුල පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍ර 2014 වසරේ පවතී 50%ක ප්‍රමාණය 2020 වන  
      විට 60% දක්වා වැඩි කිරීම සහ 2030 වන විට සම්පුර්ණ විදුලිබල ඉල්ලුම දේශීය බලශක්ති මුලාශ්‍ර මඟින්
      සැපයීම.

03. දැනට පවතින 4050 MWක විදුලිබල උත්පාදන ධාරිතාවය 2025 වන විට 6400 MW දක්වා වැඩි කිරීම.

04. 2020 වන විට මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත් සොයා ගැනීමෙන් 1000 MWක විදුලිබල උත්පාදනයක් 
      සිදු කිරීම.

05. 2020 වන විට ස්වභාවික වායු සහ ජෛව ස්කන්ධ භාවිතයෙන් නිපදවන අඩු පිරිවැය සහිත තාප විදුලි 
      උත්පාදන ධාරිතාවය 2000 MW දක්වා වැඩි කිරීමෙන් අනෙකුත් බලශක්ති මුලාශ්‍ර මඟින් සිදු කෙරෙන 
      උත්පාදන පිරිවැය අවම කිරීම.

06. 2015 වසර  අවසන් වීමට ප්‍රථම රටේ සියලු ජනතාවට විදුලිබලය සැපයීම.

07. 2020 වන විට විදුලිබල ජනනයේදී සහ බෙදාහැරීමේදී සිදුවන තාක්ෂණික හා වාණිජමය පාඩුව 11% සිට 
      8% දක්වා අඩුකිරීම.

08. කාර්යෂම භාවිතයෙන් හා සංරක්ෂණ ක්‍රමවේද මඟින් වාර්ෂික බලශක්ති ඉල්ලුම් වර්ධනය 2% න් අඩු 
      කිරීම .

09. 2020 වන විට කාර්යක්ෂම හා විද්‍යුත් ප්‍රවාහන ආදී විකල්ප ප්‍රවාහන මාර්ග හදුන්වදීමෙන් ප්‍රවාහන 
      ක්ෂේත්‍රයේ ඛානිජ තෙල් භාවිතය 5% න් අඩුකිරීම.

10. 2025 වන විට රට තුලම තෙල් පිරිපහදු කිරීම මගින් සමස්ථ ඛානිජ තෙල් ඉල්ලුම සපුරාලීම.

මුලාශ්‍රය :- දෙසතිය

Comments